2019දී ගෝලීය ජංගම දුරකථන වෙළඳපොළ තුළ Apple සමාගම ඉක්මවා Huawei සමාගම දෙවනි ස්ථානයට පැමිණීමත් සමඟ ම ඇමරිකාව විසින් Huaweiවෙත දැඩි සම්බාධක පනවන ලදි. ඒ අනුව Huawei සමාගමට ගූගල් සේවාවන් තම ජංගම දුරකථන තුළ පූර්ව ස්ථාපනය(pre-install) කර එවීම තහනම් වූ අතර ගූගල් සේවාවන් සහය දැක්වීම ද නතර විය. එසේ ම ඇමරිකානු තාක්ෂණයෙන් නිපදවන Chipset සැපයීමට දැඩි සම්බාධක දැමීම Huaweiහි පැවැත්මට දැඩි පහරක් විය. එබැවින් Huawei සමාගම විසින් ම තම ජංගම දුරකථන සඳහ සංවර්ධනය කළ Kirin චිප්සෙට් නිශ්පාදනය කිරීමට ද නොහැකි වූයේ ඒවා ඇමරිකානු තාක්ෂණය භාවිත කරන තායිවානයේ TSMC සමාගම හරහා නිර්මාණය කිරීමට මෙම සම්බාධක නිසා නොහැකි විමෙනුයි. එසේ ම 5G තාක්ෂණය ද ඔවුන්ට තහනම් වූ අතර මේ හරහා Huawei ජංගම දුරකථන වෙළඳපළ තුළ දැඩි පසුබෑමකට ලක්විය. එසේ ම ඇතැම් විශ්ලේශකයන් මෙන් ම ඇමරිකානු රාජ්‍ය නිවේදන පවා සඳහන් කරන ලද්දේ Huawei සමාගමට තමන්ගේ ම තාක්ෂණයකින් නැගී සිටීමට අවම වසර 10ක්වත් ගතවනු ඇති බවයි.
ඒ කෙසේ නමුත් කලක් නිහඬ අවධියක් පසුකළ Huawei සමාගම Android වෙනුවට තමන්ගේ ම Harmony OS නම් මෙහෙයුම් පද්ධතියකුත්, Google සේවාවන් වෙනුවට තමන්ගේ ම සේවාවනුත්, ඇමරිකානු 5G තාක්ෂණය වෙනුවට එය මෙන් 10 ගුණයකින් වේගවත් 5.5G නම් තාක්ෂණයකුත් එළි දක්වන ලදි. එසේ ම ඇමරිකාව වසර 10ක් ගතවේයැයි අනාවැකි පළකළ chipset ඔවුන් වසර තුනක් පමණ කාලයක් ඇතුළත සාර්තක ව සංවර්ධනය කර kirin 9000s නමින් තම Mate 60 Pro ජංගම දුරකථන සමඟ එළිදක්වන ලදි. එය සාර්ථක පෙරනිමිති පෙන්වීමත් සමඟ නවතම Huawei P70(pura 70) මාදිලියට තවත් වැඩි දියුණු කළ Kirin 9010 නම් චිප්සෙට් එකක් සමඟ එළිදක්වන ලදි. මෙය ජංගම දුරකථන ඡායාරූපකරණයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වන්නේ එහි දක්නට ලැබෙන කැමරා පද්ධතිය මඟින් පෙර නොවූ විරූ ආකාරයේ ගුණාත්මක ඡායාරූප අන් සෑම ජංගම දුරකථන සන්නාමයක් ම ඉක්මවා ප්‍රකට කිරීම මඟිනුයි. කෙසේ නමුත් සම්බාධක මධ්‍යයේ වුව ද Huawei සමාගමේ ජංගම දුරකථන කැමරා අංශයෙන් අන් සෑම දුකරථන සන්නාමයක් ම පරදවා මුල් ස්ථානයේ රැඳී සිටීමට සමත්වීම විශේෂත්වයකි.
එසේ ම මෙතෙක් කලක් Huawei සමාගමේ sub-brand එකක් ලෙස පැවති Honor සන්නාමය ඇමරිකානු සම්බාධකවලින් බේරීම සඳහා වෙන ම සන්නාමයක් බවට පත්කොට පවත්වාගෙන යන්නට Huawei සමාගම කටයුතු කළ අතර එබැවින් Honor වෙත Google, 5G, chipset තහනම බලපෑවේ නැත. Honor සමාගම අවසානයට නිකුත් කළ High-end ජංගම දුරකථනය වන Honor magic 6 pro දුරකථනය Battery, Camera, Screen, Selfie, Audio යන සියලු අංශවලින් මුල් ස්ථානය වාර්තා කළ ලොව පළමු ජංගම දුරකථනය ද විය.
මේ ආකාරයට Huawei සමාගම තමන්ගේ ම පර්යේෂණ හා තාක්ෂණික ක්‍රම මඟින් බාහිර කිසිදු උපකාරයක් නොමැති ව තම ජංගම දුරකථන සංවර්ධනය කරගෙන පැමිණි අතර Huawei Mate 60 මඟින් තමන්ගේ ම Kirin Chipsetවල නැවත ආගමනයත්, කැමරා අංශයෙන් හා ජංගම දුරකථනවල Durability එකෙහි පෙන්වූ සුවිශේෂී දියුණුවත්, ලොව පළමු චන්ද්‍රිකා ඇමතුම් ගතහැකි ස්මාර්ට් ජංගම දුරකථනය විමත් සමඟ පාරිභෝගික ආකර්ශනය නැවත Huawei වෙත ලැබෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විශාලත ම ජංගම දුරකථන වෙළඳපළ වන චීනය තුළ Huawei පසුබෑමත් සමඟ කලක් ප්‍රථම ස්ථානයේ සිටි Apple ජංගම දුරකථන පරදවා 2024 දී Huaweiහි Honor සන්නාමය පළමුවන ස්ථානයටත්, Huawei දෙවනි ස්ථානයටත් පත්විය. මෙය ලොව විශාලත ම ජංගම දුරකථන වෙළඳපළ තුළ Apple විශාල ලෙස පසුබෑමකට ලක්වීමක් මෙන් ම Huaweiහි සුවිශේෂී නැගිටීමකි. එසේ ම චීන දුරකථන සන්නාමයක් වන Oppo 3වන ස්ථානයට පත්වී ඇති අතර Apple ප්‍රථම ස්ථානයේ සිට 4වන ස්ථානය දක්වා පසුබෑමකට ලක් වී ඇත.