Search This Blog

Wednesday, March 25, 2020

මොනවාද මේ වෛරස් ?





- වෛරස් -


වෛරසයක් කියන්නේ සජීවී ධාරක සෛල තුළ දී විතරක් ප්‍රජනනය කරන්ට පුලුවන් ජෛව කාරකයක්, ඒ වගේම ව්‍යාධිජනකයින් කාණ්ඩයක්.

වෛරසයක් ප්‍රධාන කොටස් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යුක්තයි.
වෛරසයක ප්‍රධාන ම කොටස තමයි ජානමය කොටස. මේක DNA හෝ RNA අණුවලින් එක් වර්ගයකින් යුක්තයි. ගොඩක් වෙලාවට වෛරස්වල තියෙන්නේ RNA නැතිනම් රයිබෝ නියුක්ලික් ඇසිඩ් කියන අණු.මේවාගේ තමයි ඒ වෛරසයේ සර්වසම පිටපත් නිර්මාණයට අවශ්‍ය ජානමය කේතයන් එහෙමත් නැතිනම් ප්‍රවේණි දත්ත තැන්පත් වෙලා තියෙන්නේ.
ඊලග කොටස ප්‍රෝටීන් ආවරණය. මේ ප්‍රෝටීන් ආවරණයෙන් කරන්නේ ජානමය කොටස ආරක්ෂා කරන එක.මේ කොටස් දෙකට අමතර ව සමහර වෛරස්වල ලිපිඩ එහෙමත් නැතිනම් මේදවලින් හැදුන ආවරණයකුත් තියෙන්ට පුලුවන්.


වෛරසයක පැවැත්ම හා පැතිරීම


වෛරස් එකක් කියන්නේ පරපෝශිතයෙක්,ඒ හින්දා කිසිම වෙලාවක වෛරස් එකකට ධාරක සෛලයක් නැතිව වර්ධනය වීමේ හැකියාවක් නෑ.ඒ හින්දා අනිවාර්යයෙන් ම ශරීරයේ හම සියුම් ස්ථානවලින්,මුඛයෙන් එහෙමත් නැතිනම් තුවාලවලින්,විවිධ සත්ව දශ්ටනවලින්(ඩෙංගු,මැලේරියා) වෛරස් ඇතුල්වෙන්ට පුලුවන්.
එහෙම ඇතුල් වෙලා සෛලවලට හානි කරලා වෛරසයේ ජානමය කොටස මගින් සෛලවල වෛරස් ප්‍රෝටීන් නිපදවන්ට පටන් ගන්නවා, එහෙම වුණාම ඒ සෛලවලට අවශ්‍ය ප්‍රෝටීන් නැතිව යනවා, ඒකෙන් ධාරක සෛල විනාශ වෙනවා, මේ විදිහට ආසාදනය වෙච්ච සෛල්වල ප්‍රෝටීන් වෛරස ප්‍රෝටීන් නිපදවන්ට යොදාගෙන අන්තිමට මේ වෛරස ශරීරය පුරා පැතිරෙනවා විතරක් නෙවෙයි විවිධ මාර්ග හරහා (කොරෝනානම් ශ්වසන මාර්ගය හරහා වුණත්) බාහිර පරිසරයටත් ගමන් කරනවා.


වෛරස සදහා ප්‍රතිකාර


මෙහෙම ශරීරයට ආසාදනය වෙච්ච වෛරස් විනාශ කරන්ට හැකියාවක් නෑ.ශරීරයට බැක්ටීරියා වගේ ආසාධනය වුණොත් ඒවා ප්‍රතිකාර ක්‍රම මගින් විනාශ කරන්ට පුලුවන්.(ඒ වගේම ගොඩක් වෛරස් බැක්ටීරියාවලට වඩා 100 වාරයකින් විතර පොඩියි.)
ඒත් වෛරසයක් එහෙම විනාශ කරන්ට බෑ, ඒක ප්‍රතිශක්තිය හරහාම විනාශ වෙනකම් ඉන්ට වෙනවා.
බාහිරින් කරන්ට පුලුවන් ප්‍රතිශක්තිකරණය වැඩි කරන බෙහෙත් වර්ග,එන්නත් වර්ග හා වෙනත් ආහාර වර්ග ලබා දීම විතරයි.ඒ වගේම ශරීරයට වෛරසයක් ආසාදනය වුණාම ඒ වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තිය මුළු ජීවිත කාලය පුරාවටම ගොඩනැගිලා තියෙනට පුළුවන්.
ඒ හින්දා තමා පැපොල, කම්මුල්ගාය වගේ වෛරස් මිනිසෙකුට ජීවිතයට එක් වරක් හෝ දෙවරක් හැදෙන්නේ.

ඒ වගේම වෛරස් රෝගයක දී කිසිම වෙලාවක ප්‍රතිජීවක (antibiotic) ඖෂධ වර්ග භාවිතා කරන්ට එපා කියලා තමා කියන්නේ.මොකද ප්‍රතිජීවක ඖෂධවලට වෛරස්වලට බලපෑමක් කිරීමේ හැකියාවක් නෑ.


Tuesday, March 24, 2020

~ නිකරුනේ ඩේටා සහ cpu ධාරිතාවය වැය කරන svchost update සහ windows update නවත්වමු. ~





වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරද්දි සමහර විට දන්නෙම නැතුව ඩේටා ඉවරවෙනවාද ?

කිසිවක් ඩවුන්ලෝඩ් නොකර,වින්ඩෝස් අප්ඩේට් නවතා තිබුණත් දන්නෙම නැතුව ඩේටා වැය වෙලාද ?

එසේ වීමට හේතුව තමයි පරිගණකය ON කරපු ගමන් svchost එක අප්ඩේට් වීම.svchost එක සෑම වෙලාවකම අප්ඩේට් වෙන්නේ නෑ.සමහර දවස් වලට පමණයි අප්ඩේට් වෙන්නේ.DU meter වගේ ඩේටා මොනිටර් සොෆ්ට්වෙයා එකක් බාවිතා කරනවානම් ඔයාලට මේ නිකරුණේ ඩේටා වැය වීම බලන්න පුලුවන්.ඒ අවස්ථාවේදී ටාස්ක් මැනේජර් open කරලා Performance ටැබ් එකේ යටම තිබෙන Open Resource Monitor ක්ලික් කරලා Network ටැබ් එක මගින් ඩේටා වැය වෙන Program Run වෙනවා බලන්න පුලුවන්.

මෙසේ නිකරුනේ svchost මගින් ඩේටා සහ cpu,ram ධාරිතාවයන් භාවිත කිරීම නවතාලමු.

ඒ සදහා පහළින් කියලා තියෙන පියවර අනුගමනය කරන්ට.


* computer management 👉 Services & Application 👉 Services 👉 Background Intelligent Transfer Service වල Properties ගිහින් Startup type එක Disable ලබාදී Apply කරන්න.


* දැන් වින්ඩෝස් අප්ඩේට් Disable කරමු. services යටතේම ඇති වින්ඩෝස් අප්ඩේට් වල Properties පිවිසෙන්න.

* මෙහිදීද කලින් මෙන් Properties ගිහින් Startup type එක Disable ලබාදී
Apply කරන්න.

වැඩේ හරි.දැන් පරිගණකය Restart කරන්න.